Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Top News!
Topics :

Tuesday, June 19, 2018

How to make own VPN using Linux VPS - Giveaway Alert!

By Sandun Isuru Niraj  |  8:26 PM 2 comments


Mid Semester Break එක නිසා ටික දවසකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න chance එකක් හම්බ වුනා. මේ දවස් වල බාරගත්ත project කීපයක වැඩ නිසා ටිකක් හිර වෙලා හිටියත් අවුරුදු 6කටත් කලින් පටන් ගත්ත මේ වැඩේ අමතක කරන්නත් බෑනේ. ඇත්තටම මේ අවුරුද්දට මම Blogging වලට බැහැල අවුරුදු 6ක් වෙනවා. ඒ කියන්නේ මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 6ක් විතර පරණයි. 
මෙච්චර කල් බ්ලොග් ලිව්වත් මම කිසිම දෙයක් මගේ බ්ලොග් එක කියවන අයට දීල නෑනේ. ඔන්න ඒ නිසා මම පොඩි තෑග්ගක් එහෙම අරගෙන තමයි ආවේ. ඒක ගැන මම පොස්ට් එකේ අන්තිමට කියන්නම්..

හරි එහෙනම් අද ආපු වැඩේට බහිමුකො. 
මීට මාස කිහිපයකට කලින් ශ්‍රී ලංකා රජයේ නියෝගයක් නිසා TRC එක Facebook ඇතුළු සමාජ ජාලා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අවහිර කරලා දැම්ම. එහෙම කියල අපේ අය සැලෙනවද? නෑනේ නෑනේ. ඉතින් අපේ අය VPN දාගෙන, Proxy දාගෙන එහෙම Facebook ආවා. මොකෝ ඉතින් කෑවෙ නැතත් මේ මගුලේම රිංගන්න ඕනිනේ අපේ අයට. 

VPN එකක් කියන්නේ නෙට්වර්ක් එකක් ඇතුලේ හදපු තවත් නෙට්වර්ක් එකක් වගේ සිද්දියක්. මම සම්පූර්ණ සිද්දියම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ වගේ කියල හිතාගන්නකෝ. 

ඉතින් අපේ අය එහෙම යන්න use කලේ Free and Public VPN. ඉතින් දන්නවනේ Free දෙන ඒවා අපිට ආදරේට දෙන්නේ නෑ කියල. මේවා වලින් අපේ තියන Private Data, අපේ Browsing Data වගේ දේවල් ඒ VPN එක හදපු අයට ගන්න පුළුවන්. ආයි ඉතින් මාර්ක් අයියා අපේ ඒවා ගත්තා කියාලා හූල්ලලා වැඩක් නෑ අපිම තමයි දීල තියෙන්නේ. 
අනිත් එක තමයි ඔය Public VPN වල IP Address එහෙම දන්නා නිසා දුරකථන සමාගම් දිගට හරහට ඒවත් block කරන්න ගත්තා. එකයි ඔය මුල් දවස් වල වැඩ කරපු VPN පස්සේ වැඩ කලේ නැත්තේ. 
මමත් එහෙම එකක් තමා මුල් දවස් වල Use කලේ. කියන්න සතුටුයි මිත්‍රවරුණි 3 වෙනි දවස වෙනකොට ඒකත් block කරලා. 
පස්සේ මටම හිතුන මටම VPN එකක් හදාගන්න තිබුන නම් ඔය ප්‍රශ්න නෑ නේද කියල. 
පස්සේ හොයල බලද්දී තමා තේරුම් ගියේ VPS එකක් තියනවා නම් ගේමක්ම නැතුව VPN එකක් හදන්න පුළුවන් කියලා. 
පස්සේ එහෙම හදපු VPN එකකින් තමා වැඩ කෙරුවේ, මම කලින් පොස්ට් එකකත් කියල තියනව මේක ගැන කියල දෙන්නම් කියල. බැරිවෙලාවත් ඕනි වුනොත් එහෙම. ඒ දවස්වලම කියල දෙන්න තිබුන නම් හොඳයි, එත් ඉතින් වෙලාවක් තිබුනේ නැනේ. මේ VPN හදන එකේ වාසි තමයි. Security එක හොඳයි. ඕනි තරම් Freeම වෙන අයටත් Connection දෙන්න පුළුවන්. server එකේ IP එක දන්නේ අපි විතරක් නිසා කාටවත් block කරන්නත් බෑ. හදපු Connections, Cross Platform පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ Smart Phone එකකට වුනත් use කරන්න පුළුවන්. පාවිච්චි කරන ඔක්කොම methods, Open Source. 
හරි එහෙනම් අපි වැඩේට බහිමු.

ඉස්සෙල්ලම අපිට ඕනි වෙනවා Linux VPS එකක්. මම මේකට DigitalOcean එකේ VPS එකක් තමයි පාවිච්චි කරන්නේ. DigitalOcean එකේ VPS Free ගන්න හැටි ගැන මම කලින් පෝස්ට් එකක කියල තියනව. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් ඒක බලල එන්න.



DigitalOcean ඒකට log වෙච්ච ගමන් තියන්නේ මේ වගේ page එකක්.


 මේකේ ඔය රතුපාටින් රවුම් කරලා තියන Create කියන එක ක්ලික් කරන්න. (පේන්නෙ නෑ වගේ නම් ෆොටෝ එක ක්ලික් කරලා බලන්න.)
දැන් එන Dropdown එකෙන්.

Droplets කියන එක ක්ලික් කරන්න.

මේකෙන් ඔයා කැමති OS එක තෝරාගන්න. මේක තමයි ඔයාගේ VPS එකේ තියන OS එක. මම Ubuntu 16.04 තෝරාගන්නවා. 

අපිට ලොකු ලොකු වැඩ කරන්න නැති නිසා මම ඔය පොඩිම $5 එක තෝරාගන්නවා. මේ $5ක් කියන්නේ මාසෙකට ගාන. (මේක පොඩ්ඩක් මතක තියාගන්න.) මේ හැදෙන VPS එකේ 1GB Ram එකක්, 25GB Disk Space එකක් එක්ක 1TB Bandwidth එකක් ඔයාට හම්බවෙනවා. අපිට එක අපේ වැඩේට වැඩිත් එක්ක.
දැන් VPS එක තියන Location එක. මේකෙදි තෝරන රට තමයි ඔයා VPN එකෙන් Log වෙද්දී වැටෙන්නේ.

හරි අපේ Basic වැඩ ටික ඉවරයි. දැන් කැමතිනම් නමක් එහෙම දීල ඔය Create කියන Button එක ක්ලික් කරන්න.
ටික වෙලාවකින් අපේ VPS එක ready.

දැන් අපි අපේ VPS එකට log වෙන්න ඕනි. Windows VPS වල වගේ GUI නම් නෑ. දුකසේ Terminal Commands වලින් තමයි. වැඩේ ගොඩ දාන්න වෙන්නේ. ඒකට අපිට ඕනි වෙනවා software එකක්. මේකේ නම Putty. පල්ලෙහා Link එකෙන් ගිහින් එක Download කරල install කරගන්න. 


හරි දැන් Putty එක Open කරගන්න.


දැන් ඔයාලගේ Droplet එකේ ඔය රතු පාටින් රවුම් කරලා තියන IP Address එක Putty window එකේ Host Name එක විදියට දෙන්න. දීල Enter කරන්න.

දැන් මේ වගේ Terminal එකක් Open වෙනවා. මේකේ තමා අපි කරන ඔක්කොම වැඩ ටික කරන්න ඕනි.

දැන් ඔය Login as කියන එක ඉස්සරහින් root කියල type කරලා enter කරන්න. 
ඊළඟට password එක අහනවා. ඒ password එක ඔයා DigitalOcean ඒකට register වුන email ඒකට යවල තියනවා.

මේක copy කරලා Terminal ඒකට ඇවිත් Right ක්ලික් කරන්න. මොනවත් පෙන්නන එකක් නෑ. passwords වගේ ඒවා Hide කරනවා, ඒකයි පේන්නෙ නැත්තේ. දැන් enter කරන්න.
එතකොට වැඩේ හරියට කලානම් VPS log වෙන පලවෙනි පාර ඔයාට password එක වෙනස් කරන්න කියනව. කරන්න තියෙන්නේ කලින් වගේ email එකේ තියන password එක මේ current password කියන තැනට දීල enter කරල අලුත් password ඒකත් දෙන එක 


ඒ වගේ හරියටම කලානම් මේ පහල වගේ ඔයාට root folder එක බලාගන්න පුළුවන්.
හරි දැන් අපි අපේ පලවෙනි Terminal Command එක ගහන්නයි යන්නේ,

ඉස්සෙල්ලම අපි අපේ VPS එක Upgrade කරගෙන ඉන්න ඕනි ඒකට මෙන්න මේ Command එක ගහල enter කරන්න. 
apt-get upgrade

මේකේ ඔක්කොම ඉවර වුනාට පස්සේ ආපහු ඔයාට root folder එක පේනවා. දැන් අපි Git install කරගන්න ඕනි. ඒකට පල්ලෙහා තියන command එක ගහල enter කරන්න.


sudo apt-get install git-core

දැන් Git එකත් install කෙරුවා. දැන් අපි අපේ Script එක clone කරගන්න ඕනි. මම නම් මේක මුල්ම පාර හැදුවේ හෙන දිග ක්‍රමේකට. පස්සේ මට මේක Script File එකකට හදල තියන Repo එකක් හම්බ වුනා. ඒකෙන් හදන එක ලේසියි.

එහෙනම් මේ command එක ගහන්න දැන්.


git clone https://github.com/Nyr/openvpn-install.git
දැන් enter කරන්න.

 දැන් අපි මේ folder ඒකට move වෙන්න ඕනි. ඒකට 
cd openvpn-install

කියන command එක ගහන්න. 

දැන් අපි මේ file ඒකට permission හදන්න ඕනි නැත්නම් මේක Ubuntu වල run වෙන්නේ නෑ.
ඒකට මේ පල්ලෙහා තියන command එක ගහල enter කරන්න.
chmod -f 777 openvpn-install.sh
දැන් මේ file එක run කරන්න පල්ලෙහා command එක ගහන්න,
./openvpn-install.sh
 දැන් මේ පල්ලෙහා තියන ෆොටෝ එකේ තියන පිළිවෙලට කරගෙන යන්න,

1) මේකට මොකුත් කරන්න එපා enter කරන්න.
2) 1 කියල type කරලා enter කරන්න. TCP use කරන්නේ නැත්තේ UDP ඊට වැඩිය speed නිසා
3) කැමති එකක් දීල enter කරන්න. වඩා හොඳයි 1 use කරනවා නම්.
4) මේකේ කැමති නමක් දෙන්න, මේ තමයි VPN Profile එකේ නම. මම දාල තියෙන්නේ client කියල



දැන් දෙපාරක් enter කරන්න.

දැන් script එකෙන් නිකන්ම ඔයාගේ VPN Client Profile එක generate කරනවා.
දැන් අපි මේ File එක අරගන්න ඕනි. මේකට තව software එකක් ඕනි. ඇත්තටම අපිට ඕනි වෙන්නේ FTP Client එකක්. මම use කරන්නේ WinSCP, කැමති නම් Filezilla වුනත් use කරන්න පුළුවන්. පල්ලෙහායින් WinSCP Download කරලා install කරගන්න.



දැන් WinSCP open කරගන්න. 
මේකෙත් අර කලින් වගේ Host Name කියන ඒකට VPS එකේ IP Address එකයි, Username එක විදියට root කියලයි, Password එක විදියට වෙනස් කරගත්ත password එක දෙන්න. දීල Login ක්ලික් කරන්න.


දැන් File Client එකට log වෙනවා. log වුනාට පස්සේ client.ovpn කියල අපි හදාගත්ත Client Profile file එක බලාගන්න පුළුවන්. දැන් මේ file එක download කරන්න.

දැන් අපිට තව Software එකක් ඕනි කරනවා.
පල්ලෙහායින් ගිහින් ඒකත් download කරගන්න. සුපුරුදු පරිදි මේකත් Open Source software එකක්.


දැන් මේක Install කරලා run කරනකොට desktop එකේ Notification Area eke Lock එකක වගේ icon එකක් පෙන්නනවා. එක උඩ Right ක්ලික් කරන්න.
දැන් Import file... කියන එක ක්ලික් කරලා අපි download කරපු file එක select කරලා දෙන්න.
එතකොට එක උඩ පේනවා වගේ පෙන්නන්න ගන්නවා.

දැන් ඒ පෙන්නනන එකෙන් ගිහින් connect කියන එක ක්ලික් කරන්න. එතකොට connect වෙන්ව පේනවා.
connect වුනාට පස්සේ මේ වගේ popup notification එකක් පේනවා. 
දැන් Google ගිහින් බලන්න.

log වෙන්නේ වෙන රටකින්.

හම්මේ... පොස්ට් එක හිතුවටත් වැඩිය දිග වුනා. වැඩේ මීටර් ඇති කියල හිතනවා. අවුලක් තියනව නම් comment එකක් දාල අහන්න. 

එහෙනම් අපි එමුකො දැන් තෑග්ගට. මම උඩදී කිව්වා නේද පොඩි දෙයක් මතක තියාගන්න කියල. අන්න ඒ ජාතියේ VPS එකක් මම ඔයාලගෙන් එක්කෙනෙක්ට දෙනවා මාස 6ක් use කරන්න. මාස 6ක් කියන්නේ $30ක්!

පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ. මම මේ පොස්ට් එක Page එකේ share කරනවා. කරන්න තියෙන්නේ page ඒකට like එකක් දාලා මේ පොස්ට් එක share කරන එක විතරයි. හරිම සරලයි. එහෙම කරන අයගෙන් post එකට වැඩිම Like ගන්න කෙනාට VPS එක මාස 6ක් ඕනි දේකට Use කරන්න පුළුවන්.


මතක තියාගන්න මේ Giveaway ඒකට තෝරාගන්නේ 2018-06-27 වෙනිදා වෙනකන් විතරයි. ඉක්මන් කරන තරමට හොඳයි.

Author: Sandun Isuru Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP